05th December 2024 19:46:34 Hours
බෙලිඅත්ත දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 03 දින එම රෝහල් පරිශ්‍රයේදී ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහනට සමගාමීව භටපිරිස් විසින් එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කර ඔසු උයනක් පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලදී.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය රෝහල් කාර්ය මණ්ඩලයේ ඇගයීමට ලක්විය.