Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2024 06:42:14 Hours

යාන්ත්‍රක පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් දඹුල්ල මහ රෝහල ප්‍රතිසංස්කරණය කරයි

දඹුල්ල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමන්ගේ ඉල්ලීමකට අනුව 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රක පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් එම රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර 2024 දෙසැම්බර් මස 2 දින මෙම රෝහල් ළමා වාට්ටුව ළමුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විවෘත කරනු ලැබීය. එහිදී, පරිත්‍යාගශීලීන් කිහිපදෙනෙකු විසින් එම වාට්ටුව සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.