Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2024 22:36:51 Hours

3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා කාන්තා බලකායේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා කාන්තා බලකායේ භටපිරිස් විසින් සඳුන්පුර, ලත්පඳුර ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී 2024 දෙසැම්බර් මස 06 දින පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී සහභාගී විය. මෙම වැඩසටහනේදී, 2, 3, 4, 5 සහ 6 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 128 දෙනෙකු වෙනුවෙන් පාසල් බෑග්, පොත්පත් ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය. මෙම පරිත්‍යාගය වැඩසටහන සඳහා රොෂාන් ප්‍රියදර්ශන මහතා සහ දිනූෂි ලියනපතිරණ මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය හිමිවූහ. වැඩසටහන අතරතුරදී, පාසල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නර්තන අංගයන්ගෙන් පරිත්‍යාග වැඩසටහන වර්ණවත් කෙරිණි.

මෙම වැඩසටහන සඳහා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, අණදෙන නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, අධ්‍යාපන කාර්යාලයේ කාර්යය මණ්ඩලය, විදුහල්පති ප්‍රමුඛ පාසල් කාර්යය මණ්ඩලය, මූල්‍ය අනුග්‍රාහකයින්, දෙමාපියන් සහ සිසු සිසුවියන් සහභාගී වූහ.