Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2023 19:32:45 Hours

11 (සෙව්) ගජබා රෙජිමේන්තු භටපිරිස් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා දන්සැලක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 පාබල සේනාංකයට අයත් 663 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 (සෙව්) ගජබා රෙජිමේන්තු භටපිරිස් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා පුනරීන්, මුලන්කාවිල් හන්දිය අසල පසුගිය සෙනසුරාදා (03) දින දන්සැලක් පවත්වන ලදී.

දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් දහසකට අධික පිරිසක් සහභාගි වූ අතර, මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩමවීම සනිටුහන් කරමින් භටපිරිස් විසින් මුලන්කාවිල් හන්දිය අවට ප්‍රදේශය වර්ණවත් කරමින් පහන් කූඩු සහ ‘පොසොන්’ සැරසිලිවලින් වලින් අලංකාර කළහ.

66 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 663 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පිංකම පවත්වනු ලැබීය.