30th May 2023 22:00:24 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 142 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා ඩ්‍රෝන රෙජිමේන්තුව සේවයේ නියුුතු නිලධාරීන් 2 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කෝට්ටේ ගිනි නිවන ඒකකය සමඟ එක්ව අද (30) පෙරවරුවේ මීගොඩ පෞද්ගලික ගෘහභාණ්ඩ අලෙවිසැලක හටගත් හදිසි ගින්නක් නිවා දැමීමට අවශ්‍ය පියවර ගත්හ.
හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ගොස් වේගයෙන් පැතිර යමින් තිබු ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
පැය කිහිපයක් ඇතුළත කෝට්ටේ ගිනි නිවන ඒකකය සමඟ යුද්ධ හමුදා නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම මත ගින්න පාලනය කිරීමට හැකි විය. යුද්ධ හමුදාවේ මැදිහත්වීම නිසා වේගයෙන් පැතිරයමින් තිබු ගින්නෙන් විශාල හානියක් වීමට පෙර එය නිවා දැමීමට හැකිවිය.
යුද්ධ හමුදා භටපිරිස් මෙහෙයවීම් කටයුතු 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 142 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 15 ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි විසින් නිරීක්ෂණය කරන ලදී.