Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2023 21:38:31 Hours

142 පාබල බලසේනාවේ භටපිරිස් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙයි

14 පාබල සේනාංකයේ 142 පාබල බලසේනාවේ භටපිරිස් පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන් සහ අනෙකුත් ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව මැයි මස 12 සිට 26 දක්වා කාලය තුළ පිළියන්දල, මහරගම, කොළඹ 3 සහ තවත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්දන වැඩසටහනක් කිහිපයක් දියත් කරන ලදී.

ආරක්ෂක සේනා ආඥාපති - බටහිරගේ සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් ඉහත සඳහන් ප්‍රදේශවල නිවාස වෙත ගොස් මහජනතාව දැනුවත් කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ප්‍රදේශවල කැළිකසළ එකතු කරන ලදී.

142 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් 100 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම ව්‍යාපෘතිය සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

මෙම ඩෙංගු මර්දන ව්‍යාපෘතිය තුළින් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය, කොළඹ මහානාම විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය, බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය, ගුණසිංහපුර, පිටකොටුව, මාලිගාවත්ත, අලුත්කඩේ, බ්ලූමැන්ඩල්, මෝදර, කොටහේන, මහවත්ත සහ මට්ටක්කුලිය සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය ආවරණය කරන ලදී.

15 ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 21 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 5 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව, 7 ගැමුණු හේවා බලඇණිය, 14 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7 (ස්වේචඡා) ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සිය දයකත්වය දක්වන ලදී.