Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:21:50 Hours

651 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් පොසොන් පොහොය දින රොටි දන්සලක් පවත්වයි

පොසොන් උත්සවය නිමිත්තෙන් 65 පාබල සේනාංකයට අයත් 651 පාබල බලසේනාව පසුගිය සෙනසුරාදා (ජූනි 03) කිලිනොච්චියේ මුලන්කාවිල්හිදී 1600 පැයේ සිට 1800 පැය දක්වා ‘රොටි’ ‘දන්සැලක්’ සංවිධානය කරන ලදී.

මෙම දන්සල 65 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 651 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්. විජේසිරිවර්ධන ආර්බ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.

රොටි දන්සල භුක්ති විදිම සඳහා ප්‍රදේශයේ 700 කට ආසන්න සිවිල් ජනතා පිරිසක් සහභාගී වූහ.