Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2023 20:13:55 Hours

553 පාබල සේනාංකයේ භටපිරිස් ‘පොසොන්’ පොහොය සැමරුමට දායක වෙයි

පූජනීය ‘පොසොන්’ පොහොය දිනය සනිටුහන් කරමින් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (3) දින යාපනය අර්ධද්වීපයේ කඩ්ඩෙයිකාඩු ප්‍රදේශය අවට සිවිල් වැසියන් 1500 කට අධික පිරිසකට තේපැන් සමග බනිස් දන්සලක් පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත එම සේනාංකයේ සියලුම නිළයන්ගේ සහය ඇතිව සංවිධානය කරන ලදී.

553 පාබල බලසේනාවේ භටපිරිස්හි සංවිධානයෙන් කිලිනොච්චිය විහාරාධිපති පූජ්‍ය ඉංගිරියේ ධම්මාලංකාර හිමියන් විසින් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු භටපිරිස් සඳහා ධර්ම දේශනාවක් පවත්වා ආශිර්වාද කරන ලදී.

මේ අතර, 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අයියක්කච්චි හරහා ඒ 09 මාර්ගය ඔස්සේ ගමන් ගත් සිවිල් වැසියන් 1500 කට පමණ සිසිල් බීම සහිත බිස්කට් ‘දන්සැලක්’ පවත්වන ලදී.