Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2023 20:16:15 Hours

පොසොන් පුර පසලොස්වක පුන් පොහෝ දිනය වෙනුවෙන් 14 සහ 61 පාබල සේනාංක වෙතින් සැමරුම් උත්සව මාලාවක්

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි පසුගිය බදාදා (මැයි මස 31) දින 144 පාබල බලසේනාවේ භටපිරිස් ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කළහ. එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විහාරස්ථාන පරිශ්‍රය සහ ඒ අවට වල් පැළෑටි කපා පිරිසිදු කරන ලදී.

කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද බත් දන්සල සාර්ථකව පවත්වාගෙන යාම සඳහා පසුගිය සෙනසුරාදා (ජුනි 03) දින භටපිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

61 පාබල සේනාංකය යටතේ ඇති 613 පාබල බලසේනාවේ 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (ජුනි 03) දින ‘පරෙවි දූව’ විහාරස්ථානය ලෙස හඳුන්වන මාතර රන්දුපත ‘උපෝෂථාගාර’ රජමහා විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා සිය දායකත්වය දක්වන ලදී.

භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා වැලි, ගඩොල් සහ සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය කඳු මුදුනට ගෙන යෑමට අවශ්‍ය සහය දක්වන ලදී.

කොළඹ ලුම්බිණි විද්‍යාලය විසින් සංවිධානය කරන ලද “පන්සිල් රකින ලුම්බිණියක්” තේමා කර ගනිමින් සෙනසුරාදා (ජුනි 03) දින පැවැති පොසොන් කළාපය වර්ණවත් කරමින් 14 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ‘දන්සලක්’ සහ අලංකාර ‘පොසොන්’ පහන් කූඩු ප්‍රදර්ණයක් පවත්වන ලදී. කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ දිවංගත ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ඇතුළු දිවංගත සහ ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීම මෙහිදි සිදුවිය.

පුත්තලම ප්‍රදේශයේ පැවැත්වෙන ‘පොසොන්’ උත්සවයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් අංගයක් ලෙස 143 පාබල බලසේනා මූලස්ථානය, 16 ගජබා රෙජිමේන්තුව සහ 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජුනි මස 03) දින පුත්තලම, සෙල්ලකන්දවත්ත ප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනා මූලස්ථානයේදී බත් දන්සැලක් පැවැත්වීය.

එහිදී, පොසොන් උත්සවය වෙනුවෙන් පුත්තලම ප්‍රදේශයේ සංචාරයේ නිරත බැතිතුමන් 3000 කට අධික පිරිසක් වෙත බත් දන්සකල් පැවැත්වූ අතර, ඒ සඳහා භටපිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.

142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් 2023 ජුනි මස 03 සහ 04 දෙදින තුළ ‘පොසොන්’ පොහොය දිනය වෙනුවෙන් උත්සවය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. එහිදී, ‘සීල සමාධි’ ව්‍යාපෘතියෙන් අනතුරුව සන්ධ්‍යාවේ පැවති ‘බෝධි පූජාව සහ ධර්ම දේශනාවෙන්’ උත්සව කටයුතු ආරම්භ විය. එම ඒකක මූලස්ථානය ඉදිරිපිට අලංකාරවත් අයුරින් මිහින්තලා අනුරුවක් නිර්මාණය කර ආලෝකමත් කර තිබිණි. එමෙන්ම, ජුනි මස 03 දින පානළුව කඳවුරේ ප්‍රධාන දොරටුව අභියසදී කොස් දන්සලක් ද පැවැත්වීය.

එම බලප්‍රදේශයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් ‘පොසොන්’ සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් දක්වන දායකත්වය නිරීක්‍ෂණය කර ඒ සඳහා අවැසි උපදෙස් ලබාදීමට කටයුතු කළහ.