Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2023 18:43:08 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් කොස් සහ මඤ්ඤොක්කා දන්සැලක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වැලිකන්ද ප්‍රදේශයේ බැතිමතුන් වෙනුවෙන් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී (ජුනි මස 03) කොස් සහ මඤ්ඤොක්කා දන්සැලක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම දන්සැල තුලින් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පොසොන් නැරඹීම සඳහා පැමිණි බැතිමතුන් 1500 දෙනෙකු වෙනුවෙන් කොස් සහ මඤ්ඤොක්කා පිරිනැමිණි. මීට අමතරව, භටපිරිස් විසින් වර්ණවත් පොසොන් පහන් කූඩු ප්‍රදර්නයක් ද පවත්වනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් මෙම දන්සැල විවෘත කෙරුණු අතර එදින සන්ධ්‍යාවේ පොසොන් පහන් කූඩු එළිදැක්වීය. මෙම සමාරම්භක අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.