Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2023 17:38:30 Hours

221 බලසේනාවේ භටපිරිස් විසින් විල්ගමුව විද්‍යාලයේ සිසුන්ට දිවා ආහාර වේලක් පිරිනමයි

221 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ මඟපෙන්වීම සහ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, විල්ගමුව විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් මැයි මස 31 දින පැවැත්වීය.

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සහයෝගිතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී සිය පුද්ගලික අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්. වර්ණකුලසූරිය ඇතුළු එම ඒකකයේ භටපිරිස් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී.