27th July 2023 20:05:56 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් මාතර, නිල්වලා කනිෂ්ඨ විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 2023 ජූලි මස 20 සහ 21 දෙදින තුළ එම පාසලේ අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබීය.
විදුහල්පතිතුමන්ගේ අවශ්‍යතාවය පරිදි විද්‍යාලයේ දුර්වර්ණ වී පැවති තෙමහල් ගොඩනැගිල්ලක තීන්ත ආලේප කිරීම සහ අබලන්ව පැවති වහලයේ දිරාපත් වූ ඇස්බැස්ටොස් තහඩු ඉවත් කර නව තහඩු දැමීමේ කටයුතු සිදුකිරීම සඳහා නිලධාරියෙකු සහ සෙසුනිලයන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූ අතර ඔවුන් එම කාර්යය සාර්ථකව අවසන් කරනු ලැබූහ. 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 3 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.