24th July 2023 18:43:25 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ගාල්ල, උණවටුන ඓතිහාසික ‘යටගල’ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (20) දින ‘ශ්‍රමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම ශ්‍රමදාන වැඩසටහන අතරතුර, භටපිරිස් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් විසින් දමාගොස් තිබූ සියලුම අපවිත්‍ර ද්‍රව්‍ය, ප්ලාස්ටික්, වියළි කොළ සහ අපද්‍රව්‍ය එකළස් කළහ.
ඓතිහාසික ‘යටගල’ විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ආශිර්වාදය හා 613 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල්. ජයවීර යූඑස්පී ගේ උපදෙස් මත එම බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.