Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2023 21:02:45 Hours

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ භටපිරිස් ‘සේවා පියස‘ ක්‍රීඩා පිටිය පිරිසිදු කරයි

කොස්ගම ප්‍රෙද්ශයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත අපවිත්‍ර වී පැවති ‘සේවා පියස‘ ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජූලි මස 18) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ප්‍රදේශයේ තරුණයින් සහ ළමුන් විසින් භාවිතා කරනු ලබන මෙම ක්‍රීඩා පිටිය සිවිල් වැසියන්ගේ සහයෝගය මත භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ භටපිරිස් විසින් පිරිසිදු කරනු ලැබීය.