25th July 2023 21:20:12 Hours
ප්‍රසිද්ධ පරිත්‍යාගශීලියෙකු වන වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මඩකලපුව පළාත් ශ්‍රී ලංකා මාධ්‍ය සංසදයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකය වෙතින් මඩකලපුව, ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් අතර ශිෂ්‍යත්ව 100 ක් බෙදාදීමෙන් අනතුරුව මනම්පිටිය, කොටලීය පාලම අසලදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් සෑම පුද්ගලයෙකුගේම පවුල්වල එක් සාමාජිකයෙකු වෙත රුපියල් 100,000/= බැගින් වූ මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකෙරිණි.
ඔඩ්ඩමාවඩි ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය බදාදා (ජූලි මස 19) දින පැවති මෙම උත්සව අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සි සහභාගී වූහ.
මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මඩකලපුව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත සෑම මසකම රුපියල් 1000/= බැගින් පිරිනමනු ලබන අතර ඔවුන්ගේ උසස් අධ්‍යාපනය අවසන් කරන තුරූ එම ශිෂ්‍යත්වයන් හිමිගැන්වේ. 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිමන්ගේ උපදෙස් මත 4 ගැමුණු හේවා බලකාය සහ 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඒකාබද්ධව මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම පරිත්‍යාග උත්සවය අතරතුරදී, මඩකලපුව පළාත් ශ්‍රී ලංකා මාධ්‍ය සංසදයේ අනුග්‍රාහකත්වය මත පසුගිය දා මනම්පිටිය, කොටලීය පාලම අසලදී සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන් 11 දෙනෙකුගේ පවුල්වල එක් සාමාජිකයෙකුට රුපියල් 100,000/= බැගින් වූ මූල්‍ය පරිත්‍යාගයන් සිදුකරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මාධ්‍ය සංසදයේ මඩකලපුව පළාත් අධ්‍යක්‍ෂ සහ ලේකම්, ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 232 සහ 233 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 4 ගැමුණු හේවා බලකායේ සහ 6 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ තවත් නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.