Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2023 19:37:56 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සංවත්සර දිනය සනිටුහන් කරමින් පරිත්‍යාග වැඩසටහනක්

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයන් ජුලි මස 29 දිනට යෙදෙන එම ඒකකයේ 142 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (ජූලි මස 24) දින මහරගම ‘අපේක්‍ෂා’ රෝහලේ රෝගාතුරුව ප්‍රතිකාර ලබන කුඩා ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් උපකරණ පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් ස්වෙච්ඡාවෙන් සිය මූල්‍ය දායකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.