31st May 2023 20:20:57 Hours
ගැමුණු හේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී ගේ සංකල්පයකට අනුව ගැමුණු හේවා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන්ගේ උදාර පරිත්‍යාගය සහ කැපවීම ඇගයීමේ උත්සවයක් කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය සෙනසුරාදා (මැයි 20) දින පවත්වන ලදී.
2009 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම සඳහා ඔවුන්ගේ වීරෝදාර දූ පුතුන්ගේ කැපවීම සහ දායකත්වය අගයමින් මියගිය රණවිරුවන්ගේ මවුපියන් 50 දෙනෙකුට මෙම අවස්ථාවට ආරාධනා කර උපහාර පිරිනැමිණි.
උත්සවයට සමගාමීව ගැමුණු හේවා රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරමින් ‘ධර්ම’ දේශනාවක් පවත්වා මියගිය වීරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කළේය. පසුව දෙමවුපියන්ට උදෑසන සහ දිවා ආහාරය පිරිනමන ලදී. අනතුරුව අභීත රණවිරුවන්ගේ දෙමාපියන් වෙත තිළිණ ප්‍රදානය කරමින් උත්සවය අවසන් කෙරිණි.
ගැමුණු හේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සහය ලබාදුන් අතර, එම අවස්ථාවට සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස ද එතුමන් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.