12th May 2023 18:00:46 Hours
වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් උත්සවය නිමිත්තෙන් වත්තල, හේකිත්ත, රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින රණවිරුවන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම නගා සිටුවීමේ අරමුණින් ‘සීල සමාධි’ ආගමික වැඩසටහනක් පසුගිය සිකුරාදා (02) දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විය.
ආගමික වැඩසටහන සඳහා රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුලු සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.