2023-03-27 23:43:56
අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් මාර්තු මස 21 සහ 22 දෙදින තුළ ‘මනෝවිද්‍යාත්මක උපදේශනාත්මක සහ කථන චිකිත්සාව හා රංග චිකිත්සාව’ මැයෙන් දෙදින වැඩමුළුවක් පැවැත්විණි.
2023-03-26 21:46:03
අනුරාධපුර ‘අභිමංසල 1’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන පූර්ණ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා දියුණුකරමින් එම කලා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද ‘මායා චිත්‍ර’ වැඩසටහන පසුගිය 15 (බදාදා) දින පවත්වනු ලැබීය.
2023-03-26 21:46:03
මානූෂීය මෙහෙයුමේදී පූර්ණ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකර ඇති පාන්ගොල්ල ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අභිනවයෙන් ඉදිකරන ලද නව ජල පිරිපහදු බලාගාරය (Reverse Osmosis plant) පසුගිය බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
2023-03-26 20:20:57
මානූෂීය මෙහෙයුමේදී පූර්ණ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකර ඇති පාන්ගොල්ල ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අභිනවයෙන් ඉදිකරන ලද නව ජල පිරිපහදු බලාගාරය (Reverse Osmosis plant) පසුගිය බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
2023-03-18 21:10:22
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් මඩකලපුව, කල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 231 වන පාබල බලසේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ සුභසාධක ජන අවන්හලක්, කරණවෑමිහලක් සහ දෛනික පුවත්පත් කියවීමේ මධ්‍යස්ථානයකින් සමන්විත සුභසාධක පහසුකම් සංකීර්ණය යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පසුගිය බදාදා (15) දින විවෘත කරනු ලැබීය.
2023-03-17 20:20:55
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් ලබාදුන් උපදෙස් මත එම රෙජිමේන්තු අරමුදලින් සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ධනුෂා වීරසූරිය මහත්මියගේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවිපිදූ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යමින්, රණක්ෂිතයට පත් බළලත් නිලධාරීවරයෙකු වෙනුවෙන් ඇතිලිවැව ප්‍රදේශයේ ඉදිකරදුන් නව නිවස පසුගිය ඉරිදා (12) දින නිවාසලාභීන් වෙත පවරා දෙනු ලැබීය.
2023-03-16 20:35:24
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ පැවති චාම් උත්සවයකදී විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2023-03-07 19:36:45
අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙතින්‘මා ඔය‘අසබඩ පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතනයට පරිසර හිතකාමී 'Reverine Cabana' ඉදිකර ඇත.
2023-03-07 19:27:29
අනුරාධපුර, මිහින්තලේ පිහිටි 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු කඳවුර තුළ ස්ථාපනය කරන ලද ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සඳුදා (6) දින විවෘත කරන ලදී.
2023-03-07 19:22:31
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර පසුගිය සිකුරාදා (3) දින වැලිකන්ද ප්‍රෙද්ශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නිල සංචාරයක නිරත විය.