Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2023 21:17:30 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී ‘අමා දොර විවර විය’ ධර්ම දේශනාමය වැඩසටහනක්

යුද්ධ හමුදා භටපිරිස්හි මානසික සමතුලිතතාවය සහ ආධ්‍යාත්මික දියුණුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘අමා දොර විවර විය’ ධර්ම දේශනාමය වැඩසටහනට සමගාමීව 2023 ජූලි මස 18 දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ධර්ම දේශනාමය වැඩසටහනක් පැවැත්විණි.

යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා වැඩමවා වදාළ පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන් විසින් එම මූලස්ථානයේ විහාරස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ධර්ම දේශනාව සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මෙම පුණ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සෙසුනිලයන් 500කට අධික පිරිසක් සහභාගී වූහ.