Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2023 19:28:42 Hours

24 පාබල සේනාංකය එම සේනාංකයේ භටපිරිස් සඳහා විනෝද චාරිකාවක් සංවිධානය කරයි

24 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්වල ඒකාකාරී රාජකාරි රටාවෙන් බැහැරව විනෝදාස්වාදය සහ විවිධත්වය ලබා දීමේ අරමුණින් 24 පාබල සේනාංක මූලස්ථානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (2023 ජුනි 30) දින අම්පාර සහ නැඟෙනහිර පළාතේ විනෝද චාරිකාවක් සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින්ටද සහභාගී විමේ අවස්ථාව උදාවිය.

ඒ අනුව භටපිරිස් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට තම පවුලේ ඥාතීන් සහ සමීපතමයන් සමඟ මුහුදු මහා විහාරය නැරඹීමට අවස්ථාව උදාවිය. අනතුරුව ඔවුන් ආරුගම්බේ වෙරළ තීරය නැරඹීමට පැමිණි අතර එහිදී ඔවුන්ට විවිධ ක්‍රීඩාවන්හි නිරත වීමටට අවස්ථාව සලසා දී තිබිණි. එහිදි වෙරළ තීරයේ පහස විදිමින් රසවත් කෙටි ආහාර වේලක් භූක්තිවිදිමට ද හැකිවිය.

කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම, කාර්යබහුල රාජකාරිවලින් මිදි ආතතිය සමනය කිරීම, ඒකාකාරී බවින් බැහැරවීම සහ භට පිරිස් සහ ඔවුන්ගේ ආදරණීයයන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් මෙම අවස්ථාව සැලසුම් කර විනෝද චාරිකාව සංවිධානය කරනු ලැබීය.