Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2023 20:07:50 Hours

17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ධර්ම දේශනාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ‘සෙබළ සිතට දහම් සිසිල’ තේමාව ඔස්සේ ජූලි මස 08 දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ්‍රයේදී වැලිමඩ සද්ධාශීල හිමිපාණන් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලැබීය.

ධර්ම දේශනාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 600 කට අධික පිරිසක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ සම්බන්ධීකරණය මත මෙම ධර්ම දේශනාව පැවැත්විණි.