16th May 2025 10:22:24 Hours
දකුණු සුඩානයේ, බෝර් හි පිහිටි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මූලිකත්වයෙන් 2025 මැයි මස 2 දින සමූහ අනතුරු සිදුවීම් කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක් පවත්වන ලදී.
1 වන මට්ටමේ ඉන්දියානු 2 වන බලඇණිය (INDBATT2), 1 වන මට්ටමේ ඉතියෝපියානු බලඇණිය (ETHBATT) සහ කොරියානු ජනරජය - 1 වන මට්ටමේ රෝහල් වෛද්‍ය බලකායෙහි (ROK-HMEC) වෛද්‍ය කණ්ඩායම් මෙම අභ්‍යාසය සඳහා සහභාගි විය. එහිදී, බෝර් නගරයේ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් සාමාජිකයන් අට දෙනෙකුට තුවාල සිදුකරමින් සිදු වූ බෝම්බ පිපිරීමක් සම්බන්ධයෙන් සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් සිදුකිරීම කෙරෙහි අවධානය යොමුකරමින් මෙම අභ්‍යාසය සිදුකෙරිණි.
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලේ උපදේශකයන්ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය මත මෙම අභ්‍යාසය සිදුකෙරිණි. අධිපීඩන පරිසරයක බහු කම්පන රෝගීන් පරීක්‍ෂා කිරීම, ස්ථාවර කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා කණ්ඩායම්වල හැකියාවන් තක්සේරු කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය පැවැත්විණි. පසුකථනයේදී, හැකියාවන් සමාලෝචනය කිරීම සහ අනාගතයේදී හදිසි ප්‍රතිචාර සඳහා සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමුකෙරිණි.