Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2025 08:33:42 Hours

එක්සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ කණ්ඩායම විසින් 15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ උපකරණ පරීක්‍ෂා කරයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා නිලධාරින් විසින් දෙවන කාර්තුව සඳහා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ 15 වන ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායම භාවිතා කරනු ලබන මෙරට යුද්ධ හමුදා සංග්‍රාමික රථ, අවි ආයුධ සහ උපකරණ පරීක්‍ෂා කිරීම 2025 මැයි මස 23 දින නාකියුරා ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී කඳවුරු පරිශ්‍රයේදී සිදුකරන ලදී.

ශ්‍රී ලංකා රජය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම අනුව, ලෙබනනයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන යුද උපකරණවල ක්‍රියාකාරීත්වය සහ ප්‍රමිතින් තහවුරු කිරීම මෙම පරීක්‍ෂණයේ අරමුණ විය.

එස්මායෙල් සෆීඩීන් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව මෙහිදී සියලුම උපකරණ පරීක්‍ෂා කිරීම සිදුකරන ලදී. එම පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා හමුදා අරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී විතානගේ RSP ඇතුළු අනෙකුත් නිලධාරින් විසින් තම සහයෝගය ලබාදෙන ලදී.

පරීක්‍ෂණ කටයුතු අවසානයේදී, එක් එක් පරීක්‍ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ අදාළ තක්සේරු කිරීම් වාර්ථා පිළිබඳව එහිදී සාකච්ඡා කරන ලදී.