2023-02-28 17:45:08
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එම්.ජී.එල් දේශප්‍රිය ගේ අවසන් කටයුතු අනුරාධපුර, විහාරපාලුගම දී පසුගිය සෙනසුරාදා (25) දින ශෝකයටපත් පත් පවුලේ සාමාජිකයන් සහ ඥාතිහිත මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන් හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරනු ලැබීය.
2023-02-21 09:44:43
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) බමාකෝ 3 වන මට්ටමේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 2023 පෙබරවාරි මස 11 දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාවෝ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ඔහුගේ දේහයට ගෞරවාචාරය දැක්වූහ.
2023-02-05 23:00:21
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 8 වන කණ්ඩායම සිකුරාදා (03) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.
2023-02-03 21:55:12