Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th May 2025 10:24:45 Hours

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් අණදෙන නිලධාරි, දකුණු සුඩානයේ SRIMED දෙවන මට්ටමේ රෝහලේ නිල සංචාරයක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් අණදෙන නිලධාරි (UNMISS) ලුතිනන් ජෙනරල් මොහාන් සුබ්‍රමනියන් PVSM AVSM SM VSM 2025 මැයි මස 01 දින දකුණු සුඩානයේ SRIMED දෙවන මට්ටමේ රෝහලේ නිල සංචාරයක නිරතවිය..

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.එම්.ඩී.බී රාජපක්‍ෂ USP විසින් රෝහල් ව්‍යුහය සහ රාජකාරි ස්වභාවය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් (UNMISS) අණදෙන නිලධාරි එම රෝහලේ කාර්යභාරය ඇගයීමට ලක්කළ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි මුහුණ දුන් අභියෝග සහ වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව ද පෙන්වා දුන්නේය..