2024-01-26 13:35:10
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (ජනවාරි මස 24) දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘විගණන දෝෂ අවම කිරීම’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.
2024-01-23 16:20:32
රෙජිමේන්තු උපකරණ පාලන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව ගුණාංග හා ඔවුන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් නායකත්ව හා වෘත්තීය නිපුණත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පැවැත්විණි.
2024-01-22 20:17:02
ත්‍රිවිධ හමුදා භටපිරිස්වල සහභාගීත්වයෙන් යාපනය අර්ධද්වීපයේ උතුරු මුහුදු ප්‍රදේශයේ පලතිව් දූපතේදී ජනවාරි මස 08 දින සිට 11 දින දක්වා ‘සීගල්’ යුද අභ්‍යාසය පැවැත්විණි.
2024-01-22 20:13:11
මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලා අංක - 74 සාර්ථකව අවසන් කරනු ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විසිරයාමේ පෙළපාලිය සහ ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.
2024-01-22 20:03:47
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ‘සෙබල මනස සංවර්ධනය’ යන තේමාව ඔස්සේ දේශන මාලාවක් සංවිධානය කරන ලදී.
2024-01-18 15:17:23
11 පාබල සේනාංක මුලස්ථානය හා එම සේනාංකය යටතේ ස්ථාපිත එකකයන්හි සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘යුද සාහිත්‍යය’ සහ ‘නිර්භීත සොල්දාදුවන්’ යන මැයෙන් හරවත් දේශනයන් ඇතුළත් වැඩසටහනක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජනවාරි මස 17) දින පැවැත්විය.
2024-01-14 18:08:44
නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරය සුරක්ෂිත කිරීමේ අරමුණින් 16 ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් වෙත පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් පැවැත්විණි.
2024-01-12 17:09:54
ගල්කිස්ස මහා හෝටලයේ ප්‍රවීණ සුපවේදීයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 09 සහ 10 දෙදින තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථානයේදී සූපශාස්ත්‍රය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.
2024-01-12 17:06:03
විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී ප්රමුඛ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ කථිකාචාර්ය මඩුල්ලකගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින 61 පාබල සේනාංක මූලස්ථාන දේශන ශාලාවේදී ‘ප්‍රීතිමත් හමුදා දිවියක්’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
2024-01-11 19:46:55
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක