2023-11-28 09:28:21
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ (SLFPC) භටපිරිස්හි තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් වෙත ග්‍රැෆික්ස් නිර්මාණකරණය පිළිබඳ සංස්කරණ පාඨමාලාවක් හඳුන්වාදෙනු ලැබීය.
2023-11-26 10:39:31
4 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි බලඇණි පුහුණු පාඨමාලාව 2023 ඔක්තෝම්බර් මස 10 දින සිට 2023 නොවැම්බර් මස 23 දින දක්වා පම්පෙමඩු බළඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර එම පාඨමාලාව සඳහා නිලධාරීන් 08 දෙනෙක් සහ සෙසුනිලයන් 292 දෙනෙකු සහභාගී වූහ.
2023-11-26 10:37:47
අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වුවහොත් මුදවාගැනීමේ මෙහෙයුම් සහ ආපදා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ සෙවීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් වෙනුවෙන් නොවැම්බර් මස 5 සිට 17 දින දක්වා අනුරාධපුර මල්වතු ඔය, ගල්පාලම අසලදී ප්‍රායෝගික ආදර්ශන සහිත වැඩමුළුවක් පැවැත්වීය.
2023-11-26 10:23:04
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක – 48’ හි සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය නොවැම්බර් මස 21 දින අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-11-24 05:38:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2023-11-23 16:00:07
9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභ්‍යාසය සඳහා ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකු සහභාගී විය.
2023-11-19 21:48:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2023-11-18 00:30:33
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි අවුන්ඩ් ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම යුද අභයාසය ඉන්දියානු යුද්ධ හමුදා භටපිරිස් 120 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 123 දෙනෙක්, ඉන්දීය ගුවන් හමුදා භටපිරිස් 15 දෙනෙක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටපිරිස් 05 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
2023-11-18 00:26:47
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති නිලධාරීන් වෙනුවෙන්
2023-11-18 00:24:20
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘නිවේදන, ඡායාරූපකරණ හා වීඩියෝකරණය’ පිළිබඳ වැඩමුළුවක් 2023 නොවැම්බර් මස 13 සිට 16 දින දක්වා කාලය තුළ එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කෙරිණි.