2024-01-08 18:18:42
51 පාබල සේනාංකය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව සිදුකරනු ලබන ‘Seagull’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා උතුරු නාවික ප්‍රදේශයේ පුහුණුවීම් අභ්‍යාසයක් පසුගියදා සිදුකරන ලදී. අවසන් අභ්‍යාසය මණ්ඩතිව් දූපතට දකුණින් පිහිටි පලයිතිව් දූපතේ පැවැත්වීමට නියමිතය.
2024-01-04 19:11:53
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල මඟින් මාස එකොළහක කාල සීමාවක් පුරාවට පවත්වනු ලැබූ සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ සිසුන්ගේ විසිරයාමේ සහ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය දා පැවැත්විණි. මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සි සහභාගී විය.
2023-12-28 21:26:03
කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවති මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති උසස් පාඨමාලාව අංක 27 පසුගිය නොවැම්බර් මස 22 දින අරම්භ කළ අතර, එම පාඨමාලාව පසුගිය දෙසැම්බර් මස 27 දින අවසන් කරන ලදී.
2023-12-26 23:04:55
පනාගොඩ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේදී දෙසැම්බර් මස 20 දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, පුහුණු උපදේශකවරුන්ගේ පාඨමාලා අංක -16 හැදෑරූ නිලධාරින් මෙන්ම උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 46, සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 130 සහ පිහිනුම් උපදේශක පාඨමාලාව - 26 හැදෑරූ සෙසුනිලයන්, වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පිරිනමන ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 ලබා විසිරගියහ..
2023-12-24 21:12:47
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 85 (2023/II) හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (23) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහභාගී විය.
2023-12-23 14:46:52
උඩදුම්බර කොට්ඨාශයේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනී ඩබ්ලිව්. එම්. එල්. ආර් වීරසේකර මහත්මිය විසින් ‘සිත කය සනසන යෝග' යන තේමාව යටතේ දේශනයක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින 11 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්වූ අතර, ඒ සඳහා එම සේනාංකයේ හමුදා සාමාජිකයින් 53 දෙනෙකු සහභාගී වූහ.
2023-12-23 14:38:26
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ මිසයිල අවි පාඨමාලා අංක - 58 හි සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින පැවැත්විණි.
2023-12-19 22:28:11
හමුදා ප්‍රධානීන්, විද්වතුන් සහ ප්‍රවීණයන් එක්ව බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින ‘යුද්ධ හමුදා යුධ විද්‍යාලයීය සම්මන්ත්‍රණය - 2023‘ පැවති අතර, එහිදී පස්වන පරම්පරාවේ සංග්‍රාමික බලපෑම (දැනුම්වත්වීම සහ තොරතුරු) සහ ශ්‍රී ලාංකික සංදර්භයේ ඇති ඇති අභියෝග මැයෙන් දේශනයන් පැවැත්වීය.
2023-12-17 22:24:42
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 98 හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්වීය.
2023-12-16 22:42:15
සර්පයන් හැසිරවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 541 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින පැවැත්වූ අතර, ඒ සඳහා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 120 දෙනෙකු සහභාගී වූහ.