Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2024 20:13:11 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලා අංක - 74 සාර්ථකව අවසන්

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලා අංක - 74 සාර්ථකව අවසන් කරනු ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විසිරයාමේ පෙළපාලිය සහ ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විය.

මෙම පාඨමාලාව 2023 නොවැම්බර් මස 20 දින ආරම්භ වී මාස දෙකක කාලසීමාවක් පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 24 දෙනෙකු සහ සෙසුනිලයන් 155 දෙනෙකු සහභාගී වූහ. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූහ.

අදියර හතකින් සමන්විත මෙම පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් පහත පරිදි වෙයි

දක්‍ෂතම නිලධාරී – ලුතිනන් එන්.එම්.එස්.එච් නිකලන්සූරිය – විජයබාහු පාබල රෙජිමේන්තුව

දක්‍ෂතම වෙඩික්කරු - කපිතන් එන්.ඩී.රාජපක්‍ෂ - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එල්.යූ.කේ වීරසිංහ - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

දක්‍ෂතම සෙබලා - කෝප්‍රල් එස්.ඒ.කේ.ටී ගංගනාත් - විජයබාහු පාබල රෙජිමේන්තුව

දක්‍ෂතම ඛණ්ඩය - 5 විජයබාහු පාබල රෙජිමේන්තුව