2024-03-11 18:07:30
11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සහභාගීත්වයෙන් ආලන්කුලම්, බලඇණි පුහුණු පාසලේදී ජනවාරි මස 17 දින සිට මාර්තු මස 05 දින දක්වා පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිණි.
2024-03-11 15:29:17
ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් මූලික පාඨමාලා (නිලධාරී) අංක - 34, සාර්ථකව අවසන් කල නිලධාරීන් සඳහා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය.
2024-03-11 15:18:47
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ටී.එස්.ආර්. පෙරේරා ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් වෙනුවෙන් ලක්ෂපාන ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී 2024 මාර්තු මස 09 දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
2024-03-10 10:39:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ ආපදා කළමණාකරන සුදානම වැඩිදියුණු කිරීම උදෙසා සංවිධානය කරනු ලැබූ හදිසි ආපදා කළමණාකරන වැඩමුළුව 2024 පෙබරවාරි මස 26 දින සිට 2024 මාර්තු මස 01 දින දක්වා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ වේරහැර, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදි.
2024-03-07 15:40:14
පූනානි ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය
2024-03-07 15:39:14
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2024 පෙබරවාරි මස 29 දින ‘මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් සහ ඉන් මිදෙන්නේ කෙසේද’ මැයෙන් දේශනයක් පැවැත්විණි.
2024-03-07 15:18:14
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති
2024-03-05 14:40:12
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඉකුත් සඳුදා (මාර්තු මස 04) දින 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවැත්වූ බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවයට සමගාමීව, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
2024-03-05 14:09:27
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි සංස්කරණ පාඨමාලාව පසුගිය සෙනසුරාදා (මාර්තු මස 02) දින සාර්ථකව අවසන් විය. මෙම පාඨමාලාව පෙබරවාරි මස 13 දින ආරම්භ වූ අතර, එ් සඳහා නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසුනිලයන් 25 දෙනෙකු සහභාගී වූහ.
2024-03-04 15:32:08
යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි නිලධාරී වෘත්තීය ප්‍රගමන අංශයේ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් යුද සේවා ලේකම් ශාඛාව මඟින් එක්දින වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින පවත්වන ලදි. මෙම වැඩමුළුව සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් මාණ්ඩලික නිලධාරීන් 44 දෙනෙකු සහභාගී වූහ. යුද සේවා ලේකම් ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.