Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2024 17:09:54 Hours

හමුදා සාමාජිකයන්ගේ සූපවේදී කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සූපශාස්ත්‍රය පිළිබඳ වැඩමුළුවක්

ගල්කිස්ස මහා හෝටලයේ ප්‍රවීණ සුපවේදීයෙකු මෙන්ම අධ්‍යක්‍ෂවරයෙකු වන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 09 සහ 10 දෙදින තුළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංක මූලස්ථානයේදී සූපශාස්ත්‍රය පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ සුපවේදීන් තිදෙනෙක් ඇතුළු 104 දෙනෙකු සහභාගී වූහ. න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව පැවති මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ 22 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි සියලුම හමුදා කඳවුරු තුළ සේවයේ නියුතු සූපවේදින්ගේ සූපශාස්ත්‍ර කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්විණි.

වැඩමුළුව සමාප්තියේදී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සහභාගී වූ සියලුම හමුදා සාමාජිකයන් ‍ වෙත සහතිකපත් ප්‍රදානය කළ අතර, සූපවේදී පබිලිස් සිල්වා මහතා වෙත ඇගයීමේ සංකේතයක්ද පිරිනැමිණි.