2023-12-04 19:12:57
අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 70, පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 147 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
2023-12-04 19:08:43
කාර්තුවකට වරක් පවත්වනු ලබන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා නිලධාරීන්ගේ පුහුණු දිනය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින එම බලකායේ සියලුම ඒකකයන් සහ මූලික වැඩපළවල සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-12-03 21:32:51
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංයේ භටපිරිස් විසින් ‘මා සොයන මම’ තේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක වැඩමුළුවක් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින 11 පාබල සේනාංක පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අතර, එම වැඩමුළුව මඟින් භටපිරිස් වෙත මනෝවිද්‍යාත්මකව, මම - මමත්වය පිළිබඳව අවධාරනය කරමින් භටපිරිස් දැනුවත් කරනු ලැබිණි.
2023-12-02 10:32:09
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන සෙනෙගල් රාජ්‍යයේ විදේශීය කෙඩෙට් නිලධාරියෙකු ඇතුළු කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92, 92 බී සහ එස්සී 20 පාඨමාලාවන් හදාරනු ලබන කෙඩෙට් නිලධාරින් පිරිසක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 20) දින යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී හමුවූහ.
2023-11-30 20:05:37
යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය බලඝණය සහ 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය සමඟ එක්ව ජනාධිපති ආරක්ෂක එ්කකයේ සාමාජිකයින් 47 දෙනෙකු සඳහා ‘පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සහ භාවිතය’ යන මැයෙන් දෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 25 දින සිට 26 දින දක්වා කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
2023-11-30 10:00:38
ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදා භටපිරිස්හි සහභාගිත්වයෙන් 9 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - 2023’ ඒකාබද්ධ යුද අභ්‍යාසය පසුගිය සඳුදා (නොවැම්බර් මස 28) දින ඉන්දියාවේ, පූනේ හි පිහිටි ආවුන්ද් (Aundh, Pune) හිදී නිල වශයෙන් සමාප්ත විය...
2023-11-30 09:32:32
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂක මණ්ඩලයේ බදාදා පුහුණු දිනයට සමගාමීව භටපිරිස් සඳහා ‘යුද සාහිත්‍යය’ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්වූහ.
2023-11-30 09:21:35
ලෙබනනයේ ශ්‍රී ලංකා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ භටපිරිස් සඳහා සිතියම් කියවීමේ පුහුණු අභ්‍යාසයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී නොවැම්බර් මස 13 සහ 14 දිනයන්හිදී පවත්වන ලදී.
2023-11-28 09:35:17
2023-11-28 09:32:46
‘2023 එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂණ පාඨමාලා අංක - 02’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය කුකුළේගඟ ප්‍රදේශයේ ස්ථාපිත සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන්