Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2024 15:17:23 Hours

11 පාබල සේනාංකය වෙතින් ‘යුද සාහිත්‍යය’ සහ ‘නිර්භීත සොල්දාදුවන්’ මැයෙන් දේශනයන් පවත්වයි

11 පාබල සේනාංක මුලස්ථානය හා එම සේනාංකය යටතේ ස්ථාපිත එකකයන්හි සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘යුද සාහිත්‍යය’ සහ ‘නිර්භීත සොල්දාදුවන්’ යන මැයෙන් හරවත් දේශනයන් ඇතුළත් වැඩසටහනක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජනවාරි මස 17) දින පැවැත්විය.

එම දේශනයේදී රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස් චාමින්ද විසින් යුද සමයේ අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් පිළිබඳ මතාකාවර්ජනය කරමින් දේශනයක් පැවැත්වූ අතර, ලුතිනන් කර්නල් ටී.පී.ජී.කේ.පී ද අල්විස් ආර්ඩබ්ලිව්පී යුඑස්පී පිඑස්පී විසින් ‘වික්‍රමාන්විත සොල්දාදුවා’ මැයෙන් දේශනයක් පැවැත්වීය.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත සහ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 150 දෙනෙක් සහභාගීවු අතර, තවත් 400 දෙනෙකු පමණ ZOOM සන්නිවේදන මෙවලම ඔස්සේ මේ සමඟ සම්බන්ධ වූහ.