2024-03-04 12:49:49
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 පළමු කාර්තුව සඳහා වන නිලධාරී පුහුණු දිනය සහ ‘Diners’ Club’ වැඩසටහන 2024 පෙබරවාරි මස 21 දින පැවැත්විණි.
2024-03-01 16:10:54
යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2024/1, අධියර යටතේ මනෝවිද්‍යාත්මක වැඩමුළුවක් 2024 පෙබරවාරි මස 26 දින සිට මාර්තු 01 දින දක්වා බූවැලිකඩ, සංඥා පුහුණු පාසලේදී පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 37 දෙනෙකු සහභාගී වූහ.
2024-02-29 18:41:40
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘කොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 54’ හි සමාප්ති උත්සවය 2024 පෙබරවාරි මස 28 දින පැවැත්විණි. යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 77 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
2024-02-29 18:37:14
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 27 සහ 28 දෙදින තුළ අපරාධ සිදුකිරීමට යොමුවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර පරිශ්‍රයේදී පැවති මෙම දේශන මාලාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
2024-02-29 18:34:38
1 බලකා මූලස්ථානය වෙතින් එම බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී 2024 පෙබරවාරි මස 28 දින එක්දින මූලික ජීවිතාරක්ෂක ප්‍රථමාධාර වැඩමුළුවක් පැවැත්වීය. 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් සමන්විත භටපිරිස් පුහුණු කරවීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වීය.
2024-02-28 16:00:30
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ සහ ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් යටතේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ අධීක්ෂණය මත ඉඳුරාම ක්‍රීඩා දක්ෂතා මත බඳවා ගන්නා ලද ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මසක කාලසීමාවක් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලාව පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින සාර්ථකව නිම කරන ලදී.
2024-02-28 11:52:28
2024 වර්ෂයේ කපිතන් සිට මේජර් දක්වා නිල උසස්වීම් විභාගය ඉලක්ක කර ගනිමින් එම බලප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් 75 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 19 දින සිට 25 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි, මූලස්ථාන පරිශ්‍රයේදී සංස්කරණ පාඨමාලාවක් පවත්වන ලදී.
2024-02-27 18:31:21
22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පැවති දමිළ භාෂා පාඨමාලා අංක 1/23 හි සමාප්ති උත්සවය එම සේනාංක මුලස්ථානයේදී 2024 පෙබරවාරි මස 22 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
2024-02-26 15:44:55
‘මූලික පිහිනුම් සහ ජීවිතාරක්ෂක පාඨමාලා අංක - 19’ හි විසිරයාමේ උත්සවය 2024 පෙබරවාරි මස 21 දින අනුරාධපුර, රණසේවාපුර ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-02-26 13:24:11
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් ‘යුද්ධ හමුදා පනත සහ යුද්ධ හමුදා නීතිය’ පිළිබඳ භටපිරිස් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් 2024 පෙබරවාරි මස 20 සහ 21 දෙදින තුළ වැඩමුළුවක් පැවැත්වීය.