12th January 2024 17:06:03 Hours
විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී ප්රමුඛ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ කථිකාචාර්ය මඩුල්ලකගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින 61 පාබල සේනාංක මූලස්ථාන දේශන ශාලාවේදී ‘ප්‍රීතිමත් හමුදා දිවියක්’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීම සහ ඔවුන් සතු හමුදා අත්දැකීම් ආවර්ජනය කිරීමේ අරමුණින් මෙම දේශනය පැවැත්වීය. 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම දේශනය සඳහා නිලධාරීන් 08 දෙනෙක් සහ සෙසුනිලයන් 169 දෙනෙකු සහභාගී වූහ.