Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2024 18:07:30 Hours

11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බළඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සහභාගීත්වයෙන් ආලන්කුලම්, බලඇණි පුහුණු පාසලේදී ජනවාරි මස 17 දින සිට මාර්තු මස 05 දින දක්වා පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිණි.

පාඨමාලාව සඳහා නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 368 දෙනෙකු සහභාගී වූ අතර, යුද්ධ හමුදාවේ විවිධ ක්‍ෂේත්‍රයන් පිළිබඳව භටපිරිස්හි දැනුම වැඩි දියුණු කිරීම සඳහා වූ විෂය මාලාවන් මෙම පාඨමාලාවට ඇතුලත්ය.

පාඨමාලාව සමාප්තියේදී ‘පුදුමාතලන් අවසන් සටන’ මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරන ලද අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

පාඨමාලාවේ අවසන් දින දේශනය 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් සිදුකරන ලදී.

පාඨමාලාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ දක්‍ෂතා පහත පරිදි වේ.

- සෑම අතින්ම අතිශූර සිසුවා : බොම්බොඩියර් කේ.ජී.සී කහටපිටිය

- දක්‍ෂතම වෙඩික්කරු: ලාන්ස් බොම්බොඩියර් යූ.ඒ චින්තක

- හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා : ලාන්ස් බොම්බොඩියර් එම්.ආර්.එස්.කේ ධර්මසිරි

- හොඳම කණ්ඩායම: 35 බතරොයිය

- හොඳම කණ්ඩභාර නිලධාරී: ලුතිනන් ඩී.ඒ.එච් තිලක්ෂණ

- හොඳම පෙළ අණදෙන්නා: බොම්බොඩියර් ජී.එම්.පී.එල් ගිරිතලේ ආර්එස්පී