Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2024 15:29:17 Hours

ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් මූලික පාඨමාලා (නිලධාරී) අංක - 34 සාර්ථකව අවසන්

ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් මූලික පාඨමාලා (නිලධාරී) අංක - 34, සාර්ථකව අවසන් කල නිලධාරීන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය.

මෙම පාඨමාලාව නීති, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත පෙබරවාරි මස 19 සිට මාර්තු මස 07 දින දක්වා පවත්වන ලදී. ඒ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 37 දෙනෙක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ද සහභාගී වූහ.

මානුෂවාදී නීතිය පිළිබඳ ප්‍රායෝගික භාවිතයේ දැනුම වැඩිදියුණු කිරීම මූලික අරමුණ කරගනිමින් ආරම්භ කරන ලද මෙම පාඨමාලාවේ අරමුණ වූයේ මානව හිමිකම්, මානුෂවාදී නීතිය ඇතුළු විෂයය ක්‍ෂේත්‍රයන් ආවරණය කරමින් එහි මූලික ඉගැන්වීමේ කටයුතු සිදුකර තිබිණි. යුද්ධ හමුදාව තුළ දක්‍ෂ නිලධාරි උපදේශකවරුන් බිහිකිරීම සඳහා එක් එක් ශිෂ්‍ය නිලධාරීන්ගේ උපදේශන හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවිය. එමෙන්ම මෙම පාඨමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සන්නද්ධ ආරක්‍ෂක හමුදා වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා ඇතුළු අනෙකුත් විද්වතුන් විසින් සම්පත් දායකත්වය ලබාදී තිබිණි..

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී සහ නීති, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් එන්.එස්. නල්ලපෙරුම යූඑස්පී එන්ඩීසී හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.