Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2024 14:09:27 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති බලඇණි ආධාරක අවි සංස්කරණ පාඨමාලාව සාර්ථකව අවසන්

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි සංස්කරණ පාඨමාලාව පසුගිය සෙනසුරාදා (මාර්තු මස 02) දින සාර්ථකව අවසන් විය. මෙම පාඨමාලාව පෙබරවාරි මස 13 දින ආරම්භ වූ අතර, එ් සඳහා නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසුනිලයන් 25 දෙනෙකු සහභාගී වූහ.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර, එහිදී එතුමන් විසින් සමාප්ති දේශනය සිදුකරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් ද එක්ව සිටියහ.