Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2024 15:40:14 Hours

18 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

පූනානි ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලඇණි පුහුණු පාසලේදී 18 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිණි. මෙම පාඨමාලාව 2024 ජනවාරි මස 16 දින සිට 2024 මාර්තු මස 4 දින දක්වා පැවැත්විණි. පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.

පාඨමාලාව සඳහා 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙක් සහ සෙසුනිලයන් 335 දෙනෙක් සහභාගී වූහ. මෙම පාඨමාලාව, සිතියම් කියවීම, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව, ගොඩනඟන ලද ප්‍රදේශවල සටන් කිරීම, ආපදා කළමනාකරණය සහ ජීව වෙඩිතැබීම් යනාදි ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත විය.

පාඨමාලාවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සහ සෙසුනිලයන් පහතින් දැක්වේ:

සෑම අතින්ම අතිශූර සිසුවා: දෙවන ලුතිනන් ඒ.එම්.අයි. අක්තාෆ්

දක්ෂතම වෙඩික්කරු: සැරයන් ඩී.එම්.එස්.එස්. දිසානායක

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා: පාබල සෙබල ඩී.එන්.එස්.එල්. ජයසූරිය

බලඇණියේ හොඳම කණ්ඩායම: ආධාරක කණ්ඩායම