Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2024 15:18:47 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ටී.එස්.ආර්. පෙරේරා ගේ උපදෙස් මත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් වෙනුවෙන් ලක්‍ෂපාන ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී 2024 මාර්තු මස 09 දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හී සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ළමා අපචාර වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කෙරිණි.