Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2024 15:18:14 Hours

64 පාබල සේනාංකයේ නිලධාරින් වෙනුවෙන් ‘ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය’ තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක්

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 2024 පෙබරවාරි මස 28 දින එම සේනාංක මූලස්ථානයේදී වෘත්තීය කුසලතා පිළිබඳ සම්මන්ත්‍රණයක් සාර්ථකව පැවැත්විණි. එම සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්ගේ දැනුම සහ ඉදිරිපත් කිරීමේ කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය’ තේමාව ඔස්සේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

වත්මන් සයිබර් තර්ජන, ජාතික ආරක්‍ෂාව හා සබැඳි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාඓ් හා සබැඳි පාබල හමුදාවන්ගේ වැදගත්කම ඇතුළු ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ විවිධ තීරණාත්මක තේමාවන් පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 641 සහ 642 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.