Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2024 15:32:08 Hours

යුද සේවා ලේකම් ශාඛාව මඟින් නිලධාරි වෘත්තීය සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි නිලධාරී වෘත්තීය ප්‍රගමන අංශයේ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් යුද සේවා ලේකම් ශාඛාව මඟින් එක්දින වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින පවත්වන ලදි. මෙම වැඩමුළුව සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් මාණ්ඩලික නිලධාරීන් 44 දෙනෙකු සහභාගී වූහ. යුද සේවා ලේකම් ශාඛාව සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

මෙම වැඩමුළුව මඟින් රෙජිමේන්තු මධ්‍යස්ථානවල නිලධාරීන් සඳහා ඵලදායි වෘත්තීය කළමනාකරණයක් ඇති කිරීම, නිලධාරි වෘත්තීය සැලසුම් සහ කළමනාකරණය සම්බන්ධව පවත්නා නිර්ණායක සහ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධය සහ දැනුම වැඩිදියුණු කිරීම මූලික අරමුණ විය.