Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2024 20:47:02 Hours

55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ එකමුතුභාවය සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් පාපන්දු තරඟාවලියක්

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව අතර එකමුතුභාවය සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් 551 පාබල බලසේනාවේ සහ 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මැයි මස 14 දින සිට මැයි 17 දින දක්වා කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.

මෙම පාපන්දු තරඟාවලිය 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත පවත්වන ලදී.

අවසන් මහා තරගයේදී ඉලන්තරීර් (Ilanthalir) ක්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායම පරදවා වද්දකච්චි (Waddakachchi) පාපන්දු කණ්ඩායම තරඟාවලියේ ශූරයින් බවට පත් විය.