2024-09-24 16:13:05
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
2024-09-19 18:46:56
ඉන්දියාවේදී 2024 සැප්තැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවති ‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ හි පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබළ ඩබ්ලිව්.ජේ.ආර්. අල්විස් ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. එහිදී, ඔහු මීටර් 15.62 ක දුරක් වාර්ථා කරමින් එම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
2024-09-19 18:42:29
කාම්බෝජයේ පැවති ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ හි සුදුසුකම් ලැබීමේ අවසන් වටයේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 10 දින පැවති අතර එහිදී, කාම්බෝජයට එරෙහිව ගෝල 4-2 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සමත්විය.
2024-09-17 16:07:32
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘8 වන ජාතික ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 14 සිට 16 දින දක්වා යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ පිහිටි යාත්‍රා සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදාව, සීල් සමාජය, යුනිවර්සල් සමාජය, CINEC සමාජය සහ ශාන්ත බ්‍රිජට් සමාජය ඇතුළු විවිධ සමාජයන් සහ කණ්ඩායම් සහභාගි වූහ.
2024-09-13 12:51:17
11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සත්කාරකත්වය සපයන ලදී අන්තර් බලඇණි පාපන්දු තරඟාවලිය 2024 එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 09 දින පැවැත්විණි. මෙම තරඟාවලියේදී ශූරතාව 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ අනුශූරතාවය 21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකර ගන්නා ලදී.
2024-09-12 12:04:53
තායිලන්තයේදී පැවැතී 37 වන ලෝක ශූරතා සෙපැ ටැක්රෝ තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික සෙපැ ටැක්රෝ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගී වු අතර , මෙම තරඟාවලියේදී කාණ්ඩ අටක් යටතේ තරඟ වැදී ලෝකඩ පදක්කම් 5ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුහ. ඒ අනුව 2024 සැප්තැම්බර් මස 01 දින සිට 08 වන දින දක්වා තායිලන්තයේදි පැවැතී සෙපැ ටැක්රෝ තරඟාවලිය කීර්තිමත් තායි කිංග්ස් කුසලානයේ එක් අංගයක් වන අතර, එය සෙපැ ටැක්රෝ දින දර්ශනයේ කැපී පෙනෙන තරඟ ඉසව්වකි.
2024-09-04 15:58:00
ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 6 (ආධාරක) රෙජිමේන්තුව විසින් සංවිධානය කළ සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානයේ අවසන් තරඟය 4 ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා පැසිපන්දු පිටියේදී 2024 සැප්තැම්බර් 01 දින පැවැත්විණි.
2024-09-03 19:04:35
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත් වු පිරිමි F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර එය මීට පෙර ඔහු විසින් F44 තරඟ ඛාණ්ඩය යටතේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳහෙළීමකි.
2024-08-29 17:49:03
අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024 අවසන් මහා තරඟය වව්නියාව කොක්එළිය 56 පාබල සේනාංක ක්‍රීඩාපිටියේදී පැවැත්විණි. එම තරඟාවලිය 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින සංවිධානය කර තිබිණි. මෙම තරඟාවලිය වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම, 1,7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 2,3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියොජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 5ක් මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී විය.
2024-08-27 19:33:08
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 26 වන දින ආරම්භවිය.