04th June 2024 18:21:08 Hours
ශ්‍රී ලංකා සෙපැක්ටැක්රෝ සම්මේලනය වෙතින් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 05 දින පැවැත්වූ ජාතික සෙපැක්ටැක්රෝ හූප් (Hoop) සහ සෝලෝ (Solo) තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දක්ෂතා එළිදැක්වූහ.
තරඟාවලියේ, හූප් ඉසව්වේ පිරිමි සහ කාන්තා ‘ඒ’ කණ්ඩායම්හි ශූරතාවයන් දිනාගැනීමට යුද්ධ හමුදා කණ්ඩායම් සමත්වූහ. එමෙන්ම, කාන්තා ‘බී’ කණ්ඩායම හූප් ඉසව්වේ අනුශූරතාවයත් පිරිමි ‘බී’ කණ්ඩායම තෙවන ස්ථානයත් දිනාගත්හ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්රල් එස්. පතිරණ විසින් ඒකල පන්දු තරඟයේ ජයග්‍රහණයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කෝප්රල් ඩබ්ලිව්.ඩී. සොයිසා පිරිමි ඒකල පන්දු ඉසව්වේ දෙවන ස්ථානයත් හිමිකර ගත්හ.
සෙපැක්ටැක්රෝ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී අයිජී ගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය මත පැවති මෙම තරඟාවලියට සහභාගී වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයන් සිය දක්ෂතා එළිදැක්වූහ.