2024-10-09 12:11:39
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “The Eagles Monsoon Cup” ගොල්ෆ් තරඟාවලිය 2024 සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින තුළ ත්‍රිකුණාමලය ඊගල් ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2024-10-06 13:56:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා දැල්පන්දු කණ්ඩායම 2024 සැප්තැම්බර් මස 28 දින පනාගොඩදී පැවති අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාවලිය - 2024 ජයග්‍රහණය කිරීමට සමත් විය.
2024-10-01 10:53:38
‘13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.
2024-09-29 20:38:12
අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම ශූරතාවලිය මෙවරත් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී සැප්තැම්බර් මස 29 දින පැවැත්විණි. එහි ජය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය.
2024-09-26 05:24:59
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2024, ත්‍යාග ප්රදානෝත්සවය සැප්තැම්බර් මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2024-09-24 16:13:05
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
2024-09-19 18:46:56
ඉන්දියාවේදී 2024 සැප්තැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවති ‘දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය’ හි පිරිමි යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබළ ඩබ්ලිව්.ජේ.ආර්. අල්විස් ලෝකඩ පදක්කම දිනාගනු ලැබීය. එහිදී, ඔහු මීටර් 15.62 ක දුරක් වාර්ථා කරමින් එම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
2024-09-19 18:42:29
කාම්බෝජයේ පැවති ‘2027 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය’ හි සුදුසුකම් ලැබීමේ අවසන් වටයේ දෙවන අදියර 2024 සැප්තැම්බර් මස 10 දින පැවති අතර එහිදී, කාම්බෝජයට එරෙහිව ගෝල 4-2 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සමත්විය.
2024-09-17 16:07:32
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘8 වන ජාතික ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 14 සිට 16 දින දක්වා යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ පිහිටි යාත්‍රා සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදාව, සීල් සමාජය, යුනිවර්සල් සමාජය, CINEC සමාජය සහ ශාන්ත බ්‍රිජට් සමාජය ඇතුළු විවිධ සමාජයන් සහ කණ්ඩායම් සහභාගි වූහ.
2024-09-13 12:51:17
11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සත්කාරකත්වය සපයන ලදී අන්තර් බලඇණි පාපන්දු තරඟාවලිය 2024 එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 09 දින පැවැත්විණි. මෙම තරඟාවලියේදී ශූරතාව 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ අනුශූරතාවය 21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකර ගන්නා ලදී.