2024-08-27 19:29:56
2024 අගෝස්තු 18 සිට 28 දින දක්වා නේපාලයේ ලලිත්පූර් හි පැවති දකුණු ආසියානු පාපන්දු තරඟාවලියේදී වයස අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම භාර නිලධාරියා ලෙස යුද හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි කටයුතු කළේය.
2024-08-26 14:10:07
4 වන CISM Military World Cadet ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 19 දින සිට 24 දක්වා වෙනිසියුලාවේ කැරකාස් හිදී පැවති අතර, එම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙඩෙට් නිලධාරිනී ටී.කේ.ඒ.ජි.ඩබ්ලිව් චතුරංගනී සහභාගී වූ අතර, එහිදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.24ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වූවාය.
2024-08-11 13:50:48
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2024 බැද්දගාන පාපන්දු ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස10 දින අවසන් විය.
2024-08-07 19:15:51
යුද්ධ හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපැදි තරඟාවලිය 2024 ජුලි මස 24,25 දිනවල උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේදී පැවැත්විනි. මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.
2024-07-29 20:31:03
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවේ අවසාන තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති, සහ යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රදානත්වයෙන් 2024 ජුලි 23 දින පැවැත් විය.
2024-07-29 17:21:18
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 56 පාබල සේනාංකයේ සහ 562 පාබල බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජුලි මස 24 දින කොක්එලිය පේයාඩිකුලම් වැවේදී දී ඔරු පැදීමේ තරඟයක් පවත්වන ලදී.
2024-07-29 17:11:35
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024 ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකායේ බලකාධිපති, යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන් වීම යටතේ 2024 ජූලි මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
2024-07-26 14:31:58
කිලෝමීටර් 5 සහ 10 විවෘත ජල පිහිනුම් ජාතික ශූරතාවලිය - 2024 ත්‍රිකුණාමලය නැව් තටාංගණයේදී 2024 ජූලි මස 20 සහ 21 දින වල ආරම්භ විය.
2024-07-24 17:34:29
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් බලඇණි කැරම් ශූරතාවලිය - 2024’ ජූලි මස 18 සහ 19 දෙදින තුළ අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2024-07-19 18:03:37
රණවිරු ඇපරල් විසින් සිය වාර්ෂික නෙට්බෝල් තරඟාවලිය 2024 ජූලි මස 12 දින අලව්ව කර්මාන්තශාලා ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.