2025-02-11 10:25:36
සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2025 සඳහා සහභාගි වී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් එම තරඟාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාවය ඇතුළු ශූරතා කිහිපයක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ. මෙම තරඟාවලිය 2025 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 02 දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති අතර, දිවයින පුරා කණ්ඩායම් 160 කට අධික සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.
2025-01-22 10:48:03
ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා සෙපැක්ටැක්රෝ කණ්ඩායම් සමත්වූහ.
2025-01-19 10:42:20
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.එම්.බී.ඒ. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 52 පාබල සේනාංකය හා 521 පාබල බලසේනාව විසින් සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එකමුතුකම සහ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කරමින් පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
2025-01-17 19:04:12
‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගොල්ෆ් ශූරතාවලිය - 2025’ හි සමාප්ති උත්සවය 2025 ජනවාරි මස 15 දින නුවරඑළිය ගොල්ෆ් සමාජ පරිශ්‍රයේදී පැවැත්විණි. දින දෙකක් පුරාවට පැවති මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වී සිය දක්ෂතා එළිදැක්වූහ.
2025-01-12 11:44:08
13 වන ආරක්ෂක සේවා බර ඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය, ටොරින්ටන් පෙදෙස කොළඹ 07 ජාතික බර ඉසිලීමේ මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි මස 09 දින අවසන් විය.
2025-01-02 13:30:06
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 29 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-12-19 12:36:15
‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ අවසන් මහා තරඟය 2024 දෙසැම්බර් මස 15 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ කාන්තා කාණ්ඩයේ කේවල ඉසව්වේ සහ යුගල ඉසව්වේ ශූරතාවයන් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම සමත්වූහ. 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
2024-12-18 15:09:27
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 12 සිට 15 දින දක්වා එම සේනාංක වොලිබෝල් පිටියේදී සේනාංකාධිපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය පවත්වනු ලැබීය.
2024-12-12 12:02:52
‘ආසියාතික ක්ලැසික් සවිඑසවීමේ ශූරතාවය - 2024’ දී කිලෝග්‍රෑම් 59 කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට 12 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී I අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය. මෙම තරඟාවලිය 2024 දෙසැම්බර් මස 01 සිට 10 දින දක්වා උස්බෙකිස්තානයේදී පැවති අතර, එහිදී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දීමට බළලත් නිලධාරී අයි.එස්. සුමුදු ප්‍රදීප් සමත් විය.
2024-12-12 11:56:36
ලංකා ප්රවීණයන්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද T20 ක්‍රිකට් තරඟාවලිය 2024 දෙසැම්බර් 08 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.