Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2024 14:31:58 Hours

යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් සමස්ත ශූරතාවය දිනා ගනී

කිලෝමීටර් 5 සහ 10 විවෘත ජල පිහිනුම් ජාතික ශූරතාවලිය - 2024 ත්‍රිකුණාමලය නැව් තටාංගණයේදී 2024 ජූලි මස 20 සහ 21 දින වල ආරම්භ විය.

මෙම තරඟයට පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයන් 40 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තම සුවිශේෂී දක්ෂතා සහ කැපවීම ප්‍රදර්ශනය කරමින් පිහිනුම් ශූරතාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත් විය. පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදි තරඟාවලියේ දී පදක්කම් දිනාගන්නා ලදී.

රන් පදක්කම්

ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එන්. රණතුංග

සාමාන්‍ය සෙබල ඒ.එම්.පී.පී. ශාන්ති

රිදී පදක්කම්

ලාන්ස් කෝප්‍රල් ද සිල්වා

සැරයන් ඩබ්ලිව්. එල්.එස්.සී. ලියනගේ

සාමාන්‍ය සෙබල ආර්.බී.ඩී. නිරෝෂණ

ලෝකඩ පදක්කම්

ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස්. අබේසිංහ

සාමාන්‍ය සෙබල ආර්.එම්.එම්.ජි.එස්.එම්. බණ්ඩාර

සාමාන්‍ය සෙබල ඒ.එම්.පී.පී. ශාන්ති